රත්ගම හිටපු හමුදා ලුතිනන් කර්නල්වරයාගේ ඝාතනයට සැකකරුවන් තිදෙනෙකු පොලිස් දැලේ
29 November 2026
රත්ගම හිටපු හමුදා ලුතිනන් කර්නල්වරයාගේ ඝාතනයට සැකකරුවන් තිදෙනෙකු පොලිස් දැලේ
29 November 2026
ගාල්ල, රත්ගම ප්‍රදේශයේදී වෙඩි තබා ඝාතනය කෙරුණු හිටපු යුද හමුදා ලුතිනන් කර්නල්වරයාගේ ඝාතනයට අදාළව අවශ්‍යව සිටි සැකකරුවන් තිදෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.
ගාල්ල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් විසින් සිදු කළ විමර්ශනවල ප්‍රතිඵලයක් ලෙස ඊයේ (28) මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති අතර, ඉදිරි විමර්ශන සඳහා ඔවුන් රත්ගම පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.
අත්අඩංගුවට පත්ව ඇත්තේ ගිංතොට, මාගාල්ල සහ ගාල්ල යන ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 31, 38 සහ 41 යන වයස්වල පසුවන පුද්ගලයින් තිදෙනෙකි. පසුගිය නොවැම්බර් 26 වැනිදා රත්ගම, මලියදූව චීනපිටනිය ප්‍රදේශයේදී හිසට එල්ල වූ වෙඩි ප්‍රහාරයකින් මියගොස් සිටියදී මෙම හිටපු හමුදා නිලධාරියාගේ මළසිරුර සොයාගෙන තිබිණි.


