පැනමාවේ ප්‍රබල භූකම්පනයක්
13 October 2026
පැනමාවේ ප්‍රබල භූකම්පනයක්
13 October 2026
පැනමාවේ රික්ටර් මාපකයේ 6ක ප්‍රබලත්වයෙන් යුත් භූකම්පනයක් හටගෙන තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ, එම භූකම්පනය කිලෝමීටර් 35ක ගැඹුරින් සිදුව ඇති බවයි.
පසුගිය සිකුරාදා දිනයේදී ද පැනමාවේ රික්ටර් මාපකයේ 7.7ක ප්‍රබලත්වයෙන් යුත් භූකම්පනයක් හටගත් අතර, ඉන් අනතුරුව පසුකම්පන 300කට අධික සංඛ්‍යාවක් වාර්තා වී තිබේ.
එම භූකම්පනය හේතුවෙන් එරට නිවාස සිය ගණනකට සහ යටිතල පහසුකම්වලට හානි සිදුව ඇති අතර, ජාතික හදිසි තත්ත්වයක් ද ප්‍රකාශයට පත් කර කෙරිණි.
කෙසේවෙතත්, මෙම ආපදාවෙන් මරණ කිසිවක් වාර්තා වී නොමැති නමුත් අවම වශයෙන් පුද්ගලයන් 27 දෙනෙකු තුවාල ලබා ඇති අතර, නිවාස 900කට ආසන්න සංඛ්‍යාවකට හානි සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටී.

