roadBlockAd
brand logo
logo
රට පුරා හෙපටයිටිස්-බී එන්නත් හිඟයක්

රට පුරා හෙපටයිටිස්-බී එන්නත් හිඟයක්

22 July 2024 | වරුණි පෙරමුණ

කහඋණ රෝගීන් සඳහා ලබාදෙන හෙපටයිටිස් බී එන්නත දිවයිනපුරා පිහිටි රජයේ රෝහල්වල මෙන්ම පෞද්ගලික රෝහල්වල නොමැතිවිම නිසා රෝගීන් දැඩි අපහසුතාවට පත්ව ඇත. මෙම වසර මුල සිට හෙපටයිටිස් බී එන්නත් සෞඛ්‍ය අමාත්‍යංශයේ වෛද්‍ය සැපයීම් අංශයේ නොමැතිවීම නිසා රෝහල්වලට බෙදාහැරීම නතර වී තිබේ. 


හෙපටයිටිස් බී එන්නත ඇතැම් ශල්‍යකර්ම සිදුකිරීමට පෙර ලබා ගත යුතු වන අතර මෙම එන්නත් හිඟය හේතුවෙන් සැත්කම් සිදුකිරීමද කල් යාමේ අවදානමක් පවතින බව සෞඛ්‍ය අංශ පවසයි. එසේම හෙපටයිටිස් වයිරසය ආසාදනය වූ පුද්ගලයන්ගේ අක්මාවට දැඩි හානි සිදුවන අතර එම රෝගය වැලඳුනු පසු මුල්කාලයේදී රෝග ලක්ෂණ පෙන්නුම් කිරීම සිදු නොවන බවද වෛද්‍යවරු පවසති.


මෙම තත්ත්වය වළක්වා ගැනීම සඳහා හෙපටයිටිස් බී එන්නත කඩිනමින් ලබා දිය යුතු වුවද පවතින එන්නත් හිඟය හේතුවෙන් එම රෝගීන් අපහසුතාවයට පත්ව තිබේ . ඇස් කහපැහැ වීම ,බඩේ කැක්කුම, වමනය, කැම අරුචිය, උණ වැලඳීම හෙපටයිටිස් රෝග ලක්ෂණ වෙයි .


හෙපටයිටිස් බී එන්නත මෙරට හිඟව ඇත්තේ එම එන්නත මෙරටට සපයනු ලබන ඉන්දියාවේ ඖෂධ සමාගමේ නිෂ්පාදන ක්‍රියාවලියේ ඇති වූ බිඳවැටීමක් බව සෞඛය අමාත්‍යංශය අවධාරණය කරයි.


එම ඖෂධ සමාගම රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවට දැනුම් දී ඇත්තේ ලබන සැප්තැම්බර් මාසයේදී හෙපටයිටිස් බී එන්නත යළි මෙරටට ලබා දීමට හැකියාව පවතින බවය.

 

More News..