brand logo
logo
පෙන්ටගනයේ වායු ගුණාත්මකභාවයේ ගැටලුවක්

පෙන්ටගනයේ වායු ගුණාත්මකභාවයේ ගැටලුවක්

11 June 2026

අමෙරිකානු ආරක්ෂක මූලස්ථානය වන පෙන්ටගනය අභ්‍යන්තරයේ වායු ගුණාත්මකභාවයේ ඇතිවූ ගැටලුවක් හේතුවෙන් එහි කොටසක් හදිසියේම වසා දැමීමට පියවරගෙන තිබේ.


එමෙන්ම එහි ඇතැම් කොටස්වල සිටි පිරිස් ඉන් ඉවත් කිරීමටත් පියවර ගෙන ඇත.


පෙන්ටගන බලධාරීන් ප්‍රකාශ කර ඇත්තේ, එහි අභ්‍යන්තර ආරක්ෂක පද්ධති මඟින් වායුවල ගුණාත්මකභාවයේ වෙනසක් හඳුනාගැනීමත් සමග මෙම පූර්ව ආරක්ෂණ පියවර ගත් බවය.


සිද්ධිය ඇතිවීමත් සමග පෙන්ටගන පරිශ්‍රය තුළ යම් නොසන්සුන්තාවක්ද ඇතිවී ඇති අතර, මේ වනවිට එම තත්ත්වය පාලනය කර ඇති බව වාර්තා වේ.


මේ සම්බන්ධයෙන් මේ වනවිට විමර්ශනයක්ද අරඹා ඇත.

 

More News..