රඛිත සහ චරිත්ගේ ඇප අවලංගු කිරීමේ පෙත්සම් විභාගයට පෙබරවාරි 09 දා දින නියම වෙයි
30 October 2026
රඛිත සහ චරිත්ගේ ඇප අවලංගු කිරීමේ පෙත්සම් විභාගයට පෙබරවාරි 09 දා දින නියම වෙයි
30 October 2026
ප්රබල මත්ද්රව්ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්රමරත්න හෙවත් ‘හරක් කටා’ නමැත්තාගේ බිරිඳගෙන් අල්ලස් ලබාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ ඇතුළු සැකකරුවන් තිදෙනකුට ඇප ලබාදීමට කොළඹ මහේස්ත්රාත් අධිකරණය දුන් තීරණය බල රහිත කරන ලෙස ඉල්ලා අල්ලස් කොමිසම ගොනු කළ ප්රතිශෝධන පෙත්සම් විභාගය සඳහා ලබන පෙබරවාරි මස 09 වැනිදා කැඳවීමට කොළඹ මහාධිකරණය නියම කළේය.
අල්ලස් කොමිසම ගොනු කළ මෙම ප්රතිශෝධන පෙත්සම් කොළඹ මහාධිකරණ විනිසුරු ලාල් බණ්ඩාර මහතා ඉදිරියේ කැඳවනු ලැබීය.
එහිදී ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිසුරුවරයා, අදාළ නඩුකර සම්බන්ධයෙන් විරෝධතා තිබේ නම් ඒවා නොවැම්බර් මස 14 වැනිදාට පෙර ගොනු කරන ලෙස වගඋත්තරකරුවන්ට නියම කළේය.
එම විරෝධතාවලට ප්රතිවිරෝධතා තිබේ නම් ඒවා ජනවාරි මස 28 වැනිදාට පෙර ගොනු කරන ලෙස අල්ලස් කොමිසමට ද විනිසුරුවරයා නියම කළේය.
ඒ අනුව, ප්රතිශෝධන පෙත්සම් විභාගය සඳහා ලබන පෙබරවාරි මස 09 වැනිදා කැඳවීමට අධිකරණය නියම කළේය

