roadBlockAd
brand logo
logo
  ගතවු කාලය තුළ පැමිණි සංචාරකයින් සංඛ්‍යාව ලක්ෂ 13 ඉක්මවයි

ගතවු කාලය තුළ පැමිණි සංචාරකයින් සංඛ්‍යාව ලක්ෂ 13 ඉක්මවයි

31 July 2025



මේ වසරේ ගතවු කාලය තුළ දිවයිනට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව ලක්ෂ 13 ඉක්මවා ගොස් තිබේ.


ඒ අනුව ජනවාරි පළමු දින සිට ජූලි මස 27 වන දින දක්වා කාලය තුළ දිවයිනට සංචාරකයින් 1,341,953 දෙනෙකු පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කරයි.


ඉන් වැඩි දෙනෙකු ඉන්දීය ජාතිකයින් වන අතර එම සංඛ්‍යාව 274,919කි.


ඊට අමතරව බ්‍රිතාන්‍ය, රුසියාව, ජර්මනිය, චීනය, ප්‍රංශය, ඔස්ට්‍රේලියාව සහ නෙදර්ලන්තය ඇතුළු රටවලින් ද සංචාරකයින් වැඩි වශයෙන් දිවයිනට පැමිණ ඇති බව සඳහන් ය.


ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය තොරතුරු ඉදිරිපත් කර ඇති පරිදි ජූලි මාසයේ ගතවු දින 27ක කාලය තුළ සංචාරකයින් 173,909 දෙනෙකු දිවයිනට පැමිණ ඇති බවයි.


තවද ජූලි මාසයේ ගතවු දින 27 තුළ වැඩිම සංචාරකයින් පිරිසක් පැමිණ ඇත්තේ ජූලි 26 වනදා වන අතර එම ගණන 7,579කි.

 

More News..