brand logo
logo
 පකිස්තානයේ ඉස්ලාමාබාද්හි ආරක්ෂාව තර කරයි

පකිස්තානයේ ඉස්ලාමාබාද්හි ආරක්ෂාව තර කරයි

09 April 2026


අමෙරිකාව සහ ඉරානය අතර පැවැත්වීමට නියමිත සාම සාකච්ඡා හේතුවෙන් පකිස්තානයේ ඉස්ලාමාබාද් නුවර දැඩි ආරක්ෂක රැකවල් යොදා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.


සාකච්ඡාවලට සහභාගී වන නියෝජිතයින් නවාතැන් ගන්නා තරු පහේ සෙරීනා හෝටලය (Serena Hotel) කේන්ද්‍ර කරගනිමින් කිලෝමීටර් 3ක ආරක්ෂිත කලාපයක් ප්‍රකාශයට පත් කර ඇති බව වාර්තා වෙයි. 


එම කලාපය තුළ දැඩි ආරක්ෂක පියවර ක්‍රියාත්මක කර ඇති අතර, සාමාන්‍ය ජනතාවගේ ප්‍රවේශය සම්පූර්ණයෙන්ම සීමා කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.


මේ අතර සාම සාකච්ඡා සඳහා අමෙරිකානු උප ජනාධිපති ජේ.ඩී. වෑන්ස් (J.D. Vance) ඇතුළු ඉහළ පෙළේ දූත පිරිසක් පකිස්තානයට පැමිණීමට නියමිතව ඇත.


ඒ හේතුවෙන් අමෙරිකානු රහස් ඔත්තු සේවා කණ්ඩායම් දැනටමත් ඉස්ලාමාබාද් නුවරට පැමිණ ඇති බව සඳහන්ය.


පකිස්තාන රජය බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දින දෙක ඉස්ලාමාබාද් අගනුවරට බලපැවැත්වෙන පරිදි හදිසි රජයේ නිවාඩු දින ලෙස ප්‍රකාශයට පත් කර ඇති බව පාකිස්තාන මාධ්‍ය උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

 

More News..