brand logo
logo
කොළඹට ජාත්‍යන්තර මැණික් ප්‍රදර්ශනාගාරයක්

කොළඹට ජාත්‍යන්තර මැණික් ප්‍රදර්ශනාගාරයක්

21 October 2026

කොළඹ කේන්ද්‍ර කරගනිමින් ජාත්‍යන්තර මට්ටමේ මැණික් ප්‍රදර්ශන මධ්‍යස්ථානයක් (International Gem Hub) ඇතුළු පර්යේෂණ සහ රසායනාගාර පහසුකම් සහිත මධ්‍යස්ථානයක් ගොඩ නගන බව ​කර්මාන්ත හා ව්‍යාවසාය සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පැවසීය.


​කර්මාන්ත හා ව්‍යාවසාය සංවර්ධන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන මැණික් හා ස්වර්ණාභරණ පර්යේෂණ හා අභ්‍යාස ආයතනයේ (GJRTI) 2026 වාර්ෂික සහතික පත්‍ර ප්‍රදානෝත්සවය අමතමින් අමාත්‍යවරයා මේ බව කීය.


කොළඹ BMICH හිදී මෙම උත්සවය පැවැත්විණි.


මෙහිදී වෘත්තීය හා තාක්ෂණික පුහුණු පාඨමාලා සාර්ථකව නිම කළ සිසුන් 325 දෙනෙකු සඳහා NVQ 4, 5 සහ ඩිප්ලෝමා සහතික පත්‍ර ප්‍රදානය කෙරිණි. 

 

 නිවැරදි රාජ්‍ය අනුග්‍රහය සහ නියාමනය යටතේ ශ්‍රී ලංකාව ලෝකයේ මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තයේ ප්‍රමුඛතම සහ ජාත්‍යන්තර බලපෑමක් කළ හැකි රටක් බවට පත් කරන බව අමාත්‍යවරයා කීය.


 ලංකාවේ පමණක් නොව මැඩගස්කරය, කෙන්යාව, ටැන්සානියාව සහ අප්‍රිකානු රටවලින් රළු මැණික් මෙරටට ගෙන්වා, අපගේ දක්ෂතාවන් හා කුසලතාවන් උපයෝගී කරගනිමින් ඒවා අගය එකතු කළ (Value added) උසස් තත්ත්වයේ ස්වර්ණාභරණ බවට පත් කර ජාත්‍යන්තර වෙළඳපොළට ඉදිරිපත් කිරීමේ සුවිශේෂී හැකියාව ලංකාව සතු බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.  


 

More News..