brand logo
logo
ප්‍රදේශ කිහිපයකට අදත් ගිගුරුම් සහිත වැසි

ප්‍රදේශ කිහිපයකට අදත් ගිගුරුම් සහිත වැසි

09 September 2026

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.


ඌව පළාතෙත් මඩකලපුව, අම්පාර, පොළොන්නරුව, නුවරඑළිය සහ මාතලේ දිස්ත්‍රික්කවලත් පස්වරු 2න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය.


ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

 

More News..