ඉන්දියාවේ සැඟව සිටියදී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ දිනුෂ චතුරංග රිමාන්ඩ්
23 April 2026
ඉන්දියාවේ සැඟව සිටියදී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ දිනුෂ චතුරංග රිමාන්ඩ්
23 April 2026
ඉන්දියාවේ සැඟව සිටියදී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන විත් රැඳවුම් නියෝග මත රඳවාගෙන සිටි 'දිනුෂ චතුරංග' නමැත්තා මැයි 5 වනදා දක්වා රිමාන්ඩ් භාරයේ තැබීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (23) නියම කළේය.
රැඳවුම් භාරයේ පසුවූ අදාළ සැකකරු කෙසෙල්වත්ත පොලීසිය විසින් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදී මෙම නියෝගය ලබාදුන්නේය.
එහිදී පොලීසිය අධිකරණයේ ඉල්ලා සිටියේ, මෙම සැකකරුට අදාළ රැඳවුම් නියෝග අවසන් වී ඇති බවත් ඒ අනුව ඔහු රිමාන්ඩ් භාරයට පත් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසය.
ඒ අනුව සැකකරු මැයි මස 05 වනදා දක්වා රිමාන්ඩ් භාරයේ තැබීමට මහෙස්ත්‍රාත්වරයා නියම කළේය.

