brand logo
logo
අමෙරිකානු තානාපති සහ ආරක්ෂක නියෝජ්‍ය ඇමති අතර සාකච්ඡාවක්

අමෙරිකානු තානාපති සහ ආරක්ෂක නියෝජ්‍ය ඇමති අතර සාකච්ඡාවක්

16 September 2026

මෙරට අමෙරිකානු තානාපති එරික් මයර් මහතා සහ ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරාල් (විශ්‍රාමික) අරුණ ජයසේකර මහතා අතර ප්‍රථම නිල හමුව පවත්වා තිබේ.


එහිදී, වර්ධනය වෙමින් පවතින එක්සත් ජනපද - ශ්‍රී ලංකා ආරක්ෂක හවුල්කාරිත්වය පිළිබඳව පුළුල් ලෙස සාකච්ඡා කර ඇත.


මෙම හමුවේදී දෙරට අතර ආරක්ෂක සහයෝගීතාව තවදුරටත් පුළුල් කිරීම සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමුවී තිබේ.


TH-57 හෙලිකොප්ටර් යානා 10ක්, එක්සත් ජනපද වෙරළාරක්ෂක බලකායේ සිව්වැනි කටර් යාත්‍රාව සහ ශ්‍රී ලංකා නාවික හමුදාවේ අක්වෙරළ මුර සංචාරක යාත්‍රා සඳහා ඩොලර් මිලියන 4ක් වටිනා දියුණු චන්ද්‍රිකා සන්නිවේදන පද්ධතියක් ශ්‍රී ලංකාවට ලබාදීම ඇතුළු මෑතකදී එක්සත් ජනපදය ලබාදුන් සහයෝගය මෙහිදී අගය කර ඇත.


මෙම ආරක්ෂක හැකියාවන් තවදුරටත් වර්ධනය කර ගැනීම, හමුදා සූදානම වැඩිදියුණු කිරීම සහ සමුද්‍රීය ආරක්ෂාව ශක්තිමත් කිරීම ගැන සාකච්ඡා කළ බව සඳහන් වේ.


එමෙන්ම ඉන්දියානු සාගරයේ මෙන්ම ඉන්දු-පැසිෆික් කලාපය පුරා දෙරටේ පොදු අවශ්‍යතා ඉදිරියට ගෙන යාම සඳහා ගත හැකි ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව ද මෙහිදී අවධානය යොමු වී තිබේ.

 

 

More News..