brand logo
logo
2026 FIFA ලෝක ශූරයන්ට ශූරතා මුදු පිරිනැමීමට තීරණය කරයි

2026 FIFA ලෝක ශූරයන්ට ශූරතා මුදු පිරිනැමීමට තීරණය කරයි

17 July 2026

2026 පාපන්දු ලෝක ශූරයන් සඳහා ජයග්‍රාහී කුසලානයට අමතරව 'ශූරතා මුදු' (championship rings) පිරිනැමීමට ලෝක පාපන්දු සම්මේලනය (FIFA) තීරණය කර තිබේ.


පාපන්දු ලෝක කුසලාන ඉතිහාසයේ මෙවන්නක් සිදුවන පළමු අවස්ථාව මෙය වේ.


ක්‍රීඩා ලෝකයේ මෙවැනි ඇගයීමක් සාමාන්‍යයෙන් සිදුවන්නේ NFL, NBA වැනි අමෙරිකාව තුළ පැවැත්වෙන ක්‍රීඩා ඉසව් තුළදීය.

ඒ අනුව මෙවර පාපන්දු ලෝක ශූර කණ්ඩායම සඳහා මුදු 30ක් ලබාදීමට නියමිතය.


කෙසේ නමුත් තවත් මුදු 1,996ක් ක්‍රීඩා ලෝලීන් සඳහා අලෙවි කිරීමට නියමිත බව වාර්තා වේ.

මෙම මුදුවල සමස්ත එකතුව 2026ක් වීමද සුවිශේෂය.

 

More News..