දිස්ත්‍රික්ක කිහිපයකට නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කෙරේ
20 September 2026
දිස්ත්‍රික්ක කිහිපයකට නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කෙරේ
20 September 2026
දිස්ත්‍රික්ක කිහිපයක් සඳහා නායයෑම් අනතුරු ඇඟවීමේ නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන තිබේ.
නුවරඑළිය, ගාල්ල, කළුතර, මහනුවර, කෑගල්ල, රත්නපුර යන දිස්ත්‍රික්ක සඳහා මෙම අනතුරු ඇඟවීමේ නිවේදනය නිකුත් කර ඇත.
ඒ අනුව නුවරඑළිය දිස්ත්‍රික්කයේ අඹගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා අවදානයෙන් සිටින ලෙස ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය අනතුරු අඟවා තිබේ.
මීට අමතරව ගාල්ල දිස්ත්‍රික්කයේ නාගොඩ, කළුතර දිස්ත්‍රික්කයේ පාලින්දනුවර, මහනුවර දිස්ත්‍රික්කයේ පස්බාගේ කෝරළය, කෑගල්ල දිස්ත්‍රික්කයේ දැරණියගල, රත්නපුර දිස්ත්‍රික්කයේ පැල්මඩුල්ල, රත්නපුර, කුරුවිට, නිවිතිගල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා විමසිලිමත්භවින් සිටින ලෙසත් අනතුරු අඟවා ඇත.
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පැවසුවේ මෙම අනතුරු ඇඟවීම අද (20) පස්වරු 7.00 සිට හෙට පස්වරු 7.00 දක්වා ක්‍රියාත්මක බවය.

