brand logo
logo
ඉතාලිය පරාජය කළ ස්කොට්ලන්තයට ලකුණු 73ක ජයක්

ඉතාලිය පරාජය කළ ස්කොට්ලන්තයට ලකුණු 73ක ජයක්

09 February 2026

පන්දුවාර විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉතාලියට එරෙහිව ලකුණු 73ක ජයක් වාර්තා කිරීමට ස්කොට්ලන්ත කණ්ඩායම අද (09) සමත් විය.


මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ස්කොට්ලන්තය නියමිත පන්දුවාර 20 තුළ කඩුළු 4ක් දැවී ලකුණු 207ක් රැස්කර ගැනීමට සමත් විය.


ඉතාලියට එරෙහිව ස්කොට්ලන්තය වෙනුවෙන් ජෝර්ජ් මුන්සේ ලකුණු 84ක් රැස්කර ගැනීමට සමත් විය.


ඒ, පන්දු 54ක් තුළදීය.


ඊට දැවැන්ත හයේ පහර 2ක් සහ හතරේ පහර 13ක් ඇතුළත් වේ.


ඊට අමතරව බ්‍රැන්ඩන් මැක්මුල්ලන් පන්දු 18කදී ලකුණු 41ක් රැස්කර ගත් අතර, ඊට දැවැන්ත හයේ පහර 4ක් ද ඇතුළත් වේ.


අනතුරුව පිටියට පැමිණි ඉතාලි කණ්ඩායම පන්දුවාර 16යි පන්දු 4කදී සියලුදෙනා දැවී රැස්කර ගත්තේ ලකුණු 134ක් පමණී.

 

More News..