brand logo
logo
රටේ ඔක්කොම ප්‍රශ්න ඉවරවෙන දවස

රටේ ඔක්කොම ප්‍රශ්න ඉවරවෙන දවස

29 August 2026 | ඔක්කොම ඉවර වෙනවනෙ එදාට" සුන්දර නිහතමානි ද මැල්

"අපි කැමති වුණත් නැතත් එක දෙයක් නම් පිළිගන්න වෙනවා" මම බිරිඳට කියා සිටියෙමි. "අවුරුදු හැත්තෑහයකට පස්සෙ මේ රටේ ජනතාවගෙ සිතුම් පැතුම් තේරුම්ගන්න පුළුවන් ආණ්ඩුවක් අපිට හම්බුවෙලා තියෙනවා අන්තිමේදි"

බිරිඳගේ කට ඇරුණේය. ඈ වහාම සිය ජංගමයාගේ නොම්මර ඔබන්නට වූවාය.

"පුතේ, ඔයා පුළුවන් ඉක්මනට ගෙදර එනවද ?" ඈ කියනු මා අසාගෙනය. "තාත්තට මොකක්ද වෙලා...... ඔව්, ඔව් අසනීපයක් තමයි."

මම යළිත් ඉවසීමෙන් බිරිඳ ඇමතුවෙමි.

"නෝනා, මේ ආණ්ඩුව අපිට දිරවන්නෙ නැතිවෙන්න පුළුවන්" මම ඇයට කියා සිටියෙමි. "ඒත් මේක අපේ මිනිස්සුන්ගෙ බොක්ක අඳුරන ආණ්ඩුවක් කියල නම් අපිට පිළිගන්නම වෙනවා."

ඒ කතාවෙන් බිරිඳ කෝප වූවාය.

"රෙද්ද තමයි" ඕ නොරිස්සුමෙන් කියා සිටියාය. "මුනුත් කලින් එවුන් වගේම මිනිස්සුන්ගෙ බොක්ක ගැන කිසිම හැඟීමක් නැති ආණ්ඩුවක්. ඒකනෙ බඩුමිල මෙච්චර වැඩිවෙලා තියෙන්නෙ."

"බඩුමිල අල්ලගෙන දඟලන්න හදන්න එපා හලෝ. ලංකාවෙ මිනිස්සුන්ට බඩුමිල කියන්නෙ මහ ලොකු ප්‍රශ්නයක් නෙවෙයි" මම බිරිඳට පැහැදිලි කළෙමි. "ආණ්ඩුව තමන්ගෙ බලාපොරොත්තු ඉෂ්ට කරනව නම් ඒගොල්ලන්ට ඕන එච්චරයි" බිරිඳ මගේ පිළිතුර බාරගත්තේ නැත.

"මේ ආණ්ඩුව බලයට පත්වුණාට පස්සෙ මේ රටේ එක සංවර්ධන ව්‍යාපෘතියක් පටන් අරගෙන තියෙනවද, නෑනෙ" ඈ මට කියා සිටියාය. "එතකොට මිනිස්සුන්ගෙ බලාපොරොත්තු ඉෂ්ට වෙන්නෙ මුන් අහවල් මගුලක් කළා කියලද?" මම බිරිඳට කරුණු පහදා දෙන්නට වූයෙමි.

"ඔන්න ඔතන තමයි කලින් හිටපු එවුන් හැමෝටමත් වැරදුණේ" මම කීවෙමි. "ජීවන වියදමවත්, රට සංවර්ධනයවත් මේ රටේ මිනිස්සුන්ගෙ බොක්කෙ ප්‍රශ්න නෙවෙයි. පොදු ජනතාව අතරින් ආපු මේ ආණ්ඩුවෙ ලොක්කො තමයි ඒක සහසුද්දියෙන් තේරුම් ගත්තෙ"

බිරිඳ මගේ කතාවෙන් ව්‍යාකූල වූ බව පෙනුණේය.

"මොකක්ද එතකොට ලංකාවෙ මිනිස්සුන්ගෙ බොක්කෙ ප්‍රශ්නෙ?" ඈ උපහාසයෙන් විමසුවාය. "විධායක ජනාධිපති ක්‍රමයද?"

"හලෝ, අපේ රටේ මිනිස්සු හරිම අහිංසකයි. ඒගොල්ලො ආණ්ඩුවකින් ඔය වගේ මහ ලොකු දේවල් අපේක්ෂා කරන්නෙ නෑ" මම බිරිඳට කියා සිටියෙමි. "කොටින්ම තමන්ගෙ දියුණුවවත් බලාපොරොත්තු වෙන්නෙ නෑ ඒ මිනිස්සු ආණ්ඩුවෙන්"

එවර බිරිඳ සිනාසුණාය.

"මිනිස්සු තමන්ගෙ යහපතවත් බලාපොරොත්තු වෙන්නෙ නැත්නම් මොනවද ඒගොල්ලොන්ට ඕනවෙන්නෙ?" බිරිඳ සිනාසෙමින්ම ඇසුවාය. "ආණ්ඩුව තමන්ට කෙළවන තුරුද උන් බලාගෙන ඉන්නෙ?'

"හරියට හරි " මම බිරිඳට කියා සිටියෙමි. "හැබැයි තමන්ට නෙවෙයි, තමන්ට අල්ලන්නෙ නැති එවුන්ට. ලංකාවෙ මිනිස්සු තමන්ගෙ දියුණුවට වැඩියෙන් සතුටු වෙනවා අනිත් එකාට කෙළවෙනවා දැක්කම. ඒක අපේ ජාතික අනන්‍යතාවය. මේ ආණ්ඩුව විතරයි ඒක හරියට අඳුනගත්තෙ"

"ඒත් මේගොල්ලන්ට ඒ අතින්වත් ජනතාවට උපරිම සතුට දෙන්න බැරි වුණානෙ. දෙකයි පනහෙ කෑලි හිරේ දාල මොනවා කරන්නද අනේ" බිරිඳ කියා සිටියාය. "කොච්චර කයිය ගැහුවත් බැරි වුණානෙ නාකි මයිනව හිරේ දාන්න"

මම බිරිඳ අස්වැසුවෙමි.

"ඒ වුණාට ආණ්ඩුව මහවැලි ව්‍යාපෘතියට වැඩියෙ වටින ව්‍යාපෘතියක් කරානෙ පහුගිය කාලෙ" මම බිරිඳට මතක් කළෙමි. "රනිල් ලොක්කව දවස් කීපෙකට රිමාන්ඩ් කරල"

බිරිඳ බලාපොරොත්තු සහගතව මා දෙස බැලුවාය.

"අම්මට සිරි!" බිරිඳට කියවුණේය. "ඔයා කියන්නෙ ආණ්ඩුව මයිනවත් ඇතුළට දාල ජනතාව ප්‍රීති ප්‍රමෝදයට පත් කරයි කියලද?"

"නැතුව! නැතුව! හැබැයි පොඩ්ඩක් ඉවසල ඉන්න" මම කීවෙමි. "මොකද මහින්ද මහත්තයාව ඇතුළට දානව කියන්නෙ තිස්අවුරුදු යුද්දෙ ඉවර කරා වගේ දැවැන්ත ව්‍යාපෘතියක්නෙ. ලංකාවෙ මිනිස්සුන්ගෙ ප්‍රශ්න

 

More News..