ක්ෂණික ආහාර කෑමෙන් තරුණ පිරිසට බඩවැල් රෝග
14 August 2026 | •ශිරාන් රණසිංහ
ක්ෂණික ආහාර කෑමෙන් තරුණ පිරිසට බඩවැල් රෝග
14 August 2026 | •ශිරාන් රණසිංහ
තරුණ තරුණියන් කෘත්‍රිම ආහාරවලට වැඩිපුර නැඹුරුවීමේ ප්‍රතිඵලයක් ලෙස ඒ අය බඩවැල් ආශ්‍රිත රෝගවලට ගොදුරුවීමේ විශාල ප්‍රවණතාවක් මතුව ඇතැයි ආමාශ ආන්ත්‍රික අක්මා සම්බන්ධ විශේෂඥ වෛද්‍ය සුපුන් කුලතුංග සඳහන් කරයි.
සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පෙරේදා (12 වැනිදා) පැවැති මාධ්‍ය හමුවකදී විශේෂඥ වෛද්‍යවරයා මේ බැව් සඳහන් කළේය. එළවළු, පලතුරු, කොළ වර්ග ධාන්‍ය හා තත්තුමය ආහාර භාවිතය අඩුවී ඇතැයිද බොහෝ තරුණ තරුණියන් ක්ෂණික ආහාර පාන ගැනීමට පෙලඹී සිටින නිසා ඔවුන් අතර බඩවැල් ආශ්‍රිත රෝග වැඩි වී ඇතැයිද ඔහු කියා සිටියේය. ආහාර මෙන්ම ලබාගන්නා ඖෂධ හේතුවෙන්ද බඩවැල් ආශ්‍රිත රෝග ඇතිවන බවද ඔහු සඳහන් කළේය. තයිරොයිඩ් ග්‍රන්ථියේ අධි ක්‍රියාකාරිත්වය තිබේ නම් ඔහුට හෝ ඇයට නිතර නිතර වැසිකිළි යාමට සිදුවන බවද විශේෂඥ වෛද්‍යවරයා පැවැසීය. යම් අයකුට හදිසියේම වැසිකිළි යාමේ තත්ත්වයේ යම් වෙනසක් වන්නේ නම් සති කිහිපයක් තිස්සේ පවතින්නේ නම් වෛද්‍ය උපදෙස් ලබාගත යුතු බවද ඔහු කියා සිටියේය.
මලබද්ධයත් බඩවැල් ආශ්‍රිත රෝගි තත්ත්වයට හේතුවිය හැකි බවද විශේෂඥ වෛද්‍යවරයා පැවැසීය.

