brand logo
logo
ආබාධ සහිත සිසුන්ට ජනපති අරමුදලින් ශිෂ්‍යාධාර

ආබාධ සහිත සිසුන්ට ජනපති අරමුදලින් ශිෂ්‍යාධාර

09 July 2026

ජනාධිපති අරමුදල ආබාධ සහිත විශ්වවිද්‍යාල සිසුන් වෙනුවෙන් "සරසවි දිරියෝ අභිමන්"නමින් ශිෂ්‍යාධාර වැඩසටහනක් ආරම්භ කර තිබේ.


ශාරීරික ආබාධ අධ්‍යාපනයට බාධාවක් කර නොගත් ශ්‍රී ලංකාවේ රාජ්‍ය විශ්වවිද්‍යාල වල අධ්‍යාපනය ලබන ආබාධ සහිත සිසුන් වෙනුවෙන් ආරම්භ කර ඇති මෙම වැඩසටහනෙන් සිසුවෙකුට රුපියල් ලක්ෂයක ශිෂ්‍යාධාරයක් පිරිනමයි.


මෙහි සමාරම්භක උත්සවය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී සෙනසුරාදා(11) පැවැත්වේ.


ශ්‍රී ලංකාවේ රාජ්‍ය විශ්ව විද්‍යාල වල අධ්‍යාපනය ලබන ආබාධ සහිත සියලුම සිසුන් මෙම වැඩසටහනින් ඇගයීමට ලක් කෙරෙනු ඇත.


"සරසවි දිරියෝ අභිමන්" සමාරම්භක උත්සවයේදී ආබාධ සහිත විශ්වවිද්‍යාල සිසුන් 254 දෙනෙකු ඇගයීමට ලක් කෙරෙන අතර, මෙම වැඩසටහන සඳහා සුදුසුකම් ලබා ඇති සමස්ත සිසුන් සංඛ්‍යාව 400කට ආසන්න වේ. කොළඹට පැමිණීමේදී මුහුණ දීමට සිදුවන දුෂ්කරතා සැලකිල්ලට ගනිමින් උතුරු, උතුරු මැද සහ නැගෙනහිර පළාත් වැඩසටහන අගෝස්තු මාසයේදී පැවැත්වීමට ද සැලසුම් කර ඇත.

 

More News..