වාරිමාර්ග ජලාශ 74ක් වාන් දමයි
05 December 2025 | සාලිය කුමාර ගුණසේකර/හේෂාර සේනාල් සෝමරත්න - අනුරාධපුර/සුනිල් රූපසිංහ - පල්ලේපොළ
වාරිමාර්ග ජලාශ 74ක් වාන් දමයි
05 December 2025 | සාලිය කුමාර ගුණසේකර/හේෂාර සේනාල් සෝමරත්න - අනුරාධපුර/සුනිල් රූපසිංහ - පල්ලේපොළ
වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන ප්‍රධාන හා මධ්‍ය පරිමාණ ජලාශ 74ක් වාන් දමන බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
ප්‍රධාන ජලාශ 73 අතුරින් 38 ක් සහ මධ්‍ය පරිමාණ ජලාශ 36ක් වාන් දමන බවද එම දෙපාර්තමේන්තුව පැවසීය.
තවද ප්‍රධාන ජලාශවල සමස්ත ජල මට්ටම් ඒවායේ ධාරිතාවයෙන් සියයට හැත්තෑ නවවයයිදශම හයක (79.6%) මට්ටමක පවතින බව වාරිමාර්ග අධ්‍යක්ෂ (ජල කළමනාකරණ) එච්.එම්.පී.එස්.ඩී. හේරත් කීවේය.
අනුරාධපුර කලා වැවේ ජල මට්ටම ඉහළ යාම හේතුවෙන් එහි දොරටු අඩි 04 බැගින් වාරිමාර්ග දෙපාර්තමේන්තුව මගින් ඊයේ (04 වැනිදා) විවෘත කළේය. එම ජලාශයෙන් ඊයේ (04 වැනිදා) පෙරවරුවේදී තත්පරයට ඝන අඩි තුන්දහස් අටසීයක (3,800) ජල ප්‍රමාණයක් කලා ඔයට මුදා හරින ලදි.
මේ අතර අද (05 වැනිදා) උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් මාතලේ දිස්ත්‍රික්කයෙත් වැසි වාර කිහිපයක් ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
අනෙකුත් ප්‍රදේශවලට පස්වරු 1.00න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බවත් බස්නාහිර සහ සබරගමුව පළාත්වල මෙන්ම ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලි මීටර් 50ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසීය.
ඊයේ (04 වැනිදා) පෙරවරු 8.30න් අවසන්වූ පැය 24 ක කාලයේදී දිවයිනේ වැඩිම වර්ෂාපතනය වාර්තා වූයේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ රඹෑව ප්‍රදේශයෙනි. එම ප්‍රදේශයෙන් මිලි මීටර් 76 ක වර්ෂාපතන තත්ත්වයක් වාර්තා විය.

