පාරිභෝගික සුරක්ෂිතතාව වෙනුවෙන් වී - ප්‍රමිති වැඩසටහන ආරම්භ කරයි
28 July 2026
පාරිභෝගික සුරක්ෂිතතාව වෙනුවෙන් වී - ප්‍රමිති වැඩසටහන ආරම්භ කරයි
28 July 2026
"Clean Sri Lanka" ජාතික වැඩසටහනට සමගාමීව ක්‍රියාත්මක කෙරෙන ජාතික සුපිලිපන් සතිය වෙනුවෙන්, විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය මඟින් සංවිධානය කරනු ලැබූ "වී-ප්‍රමිති" ජාතික වැඩසටහන දියත් කිරීම අද (28) සිදු කෙරිණි.
ඒ විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන මහතාගේ ප්‍රධානත්වයෙන් වන අතර මෙය පිටකොටුව පොදු වෙළෙඳපොළ පරිශ්‍රය කේන්ද්‍ර කරගනිමින් ආරම්භ කෙරිණි.
එහිදී පිටකොටුව පොදු වෙළෙඳපොළේ වෙළෙඳසැල් වෙත ගොස් වීදි ආහර, පොල්තෙල්, බඩු, හකුරු, පැණි වැනි ආහාර සෙල්ලම් සහ රූපලාවන්‍ය ද්‍රව්‍ය මෙන්ම කුළු බඩු ද්‍රව්‍ය ද විදුලි උපකරණ ආදි පාරිභෝගික භාණ්ඩවල අහඹු ලෙස සාම්පල ලබා ගැනීමේ වැඩසටහනක් ක්‍රියාත්මක විය.
මෙලෙස ලබා ගත් පාරිභෝගික භාණ්ඩවල ප්‍රමිතිය හා අන්තර්ගතය පිළිබඳව තත්ත්ව පරීක්ෂාවක් සිදු කිරීමට නියමිතය.
මෙරට පාරිභෝගික ජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීම, උසස් ප්‍රමිතියෙන් යුතු භාණ්ඩ වෙළෙඳපොළ තුළ සංසරණය වීමට ඉඩ සැලැස්වීම සහ ඒවා සුරක්ෂිතව පාරිභෝගිකයා අතට පත් කිරීමටද නියමිතව ඇත.
ඒ සඳහා විශ්වසනීයව හා සෞඛාරක්ෂිතව පාරිභෝගික භාණ්ඩ මිලදී ගැනීමට පාරිභෝගිකයා දැනුවත් කිරීම සහ ඒ සඳහා ක්‍රියාත්මක වීමට පෙළඹවීම ඇති කිරීමත් නිසි ප්‍රමිතියෙන් යුතු ගුණාත්මක භාණ්ඩ නිෂ්පාදනයට සහ අලෙවියට ව්‍යවසායකයා සහ ව්‍යාපාරිකයා පෙළඹවීමත් යන අංශ දෙකම වැඩි දියුණු කිරීම මෙම වැඩසටහනේ අරමුණ වී තිබේ.
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය, කාර්මික තාක්ෂණ ආයතනය සහ ශ්‍රී ලංකා පරමාණු බලශක්ති මණ්ඩලය, මේ සඳහා තාක්ෂණික දායකත්වය ලබා දෙන අතර විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් හා සෞඛ්‍ය අමාත්‍යාංශය, පොල් සංවර්ධන අධිකාරිය, පාරිභෝගික කටයුතු පිළබඳ අධිකාරිය, ශ්‍රී ලංකා පොලීසිය ඇතුළු පාර්ශ්ව ගණනාවක සහයෝගීතාවෙන් මෙම වැඩසටහන ක්‍රියාත්මක වේ.

