හෝමූස් වසා දැමීමට ඉරාන පාර්ලිමේන්තුවෙන් අනුමැතිය
22 June 2025
හෝමූස් වසා දැමීමට ඉරාන පාර්ලිමේන්තුවෙන් අනුමැතිය
22 June 2025
ඉරාන පාර්ලිමේන්තුව විසින් හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දැමීමට අද (22) ඡන්දය ප්‍රකාශ කර ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.
ඉරානය ඇතුළු මැදපෙරදිග රටවල් තෙල් අපනයනය කරන්නේ මෙම 'හෝමූස්' සමුද්‍ර සන්ධිය හරහාය.
ලෝකයේ තෙල් ප්‍රවාහන කටයුතුවලින් වැඩි ප්‍රමාණයක් සිදුවන්නේ මෙම සමුද්‍ර සන්ධිය හරහා බැවින් මෙය ලොව ප්‍රධාන පෙළේ තෙල් ප්‍රවාහන මාර්ගයක් ලෙස සැලකෙයි.
කෙසේ වෙතත් මෙම තීරණය ක්‍රියාවට නැංවීමේ අවසන් තීරණය ඇත්තේ ඉරානයේ උත්තරීතර කවුන්සිලයය.
එම තීරණය ඉරාන රාජ්‍ය ප්‍රවෘත්ති සේවය අද රාත්‍රිය වනවිට ගනු ඇති බව වාර්තා වේ.