brand logo
logo
ධීවරයින් සිව්දෙනෙකු සමඟ ධීවර යාත්‍රාවක් අතුරුදන්

ධීවරයින් සිව්දෙනෙකු සමඟ ධීවර යාත්‍රාවක් අතුරුදන්

28 October 2026


මාතර, කුඩාවැල්ල ප්‍රදේශයෙන් පිටත්ව ගිය ධීවර යාත්‍රාවක් අතුරුදන්ව ඇති බවට ලද තොරතුරු මත එම යාත්‍රාව සොයා ගුවන් හමුදාව සහ නාවික හමුදාව මෙහෙයුම් අරම්භ කර තිබේ.


ධීවරයින් සිව්දෙනෙකු රැගත් යාත්‍රාවක් මෙලෙස අතුරුදන්ව ඇති බවයි නාවික හමුදාව සඳහන් කළේය.


අදාළ ධීවර යාත්‍රාව පසුගිය 21 වනදා ධීවර කටයුතු සදහා පිටත්ව ගොස් ඇති අතර එහි සිටි ධීවරයින් අවසන් වරට පසුගිය 23 වනදා යාත්‍රාවේ හිමිකරු සමග සන්නිවේදනය සිදුකර ඇති බව සඳහන්ය.


කෙසේ වෙතත් ඉන් පසු අදාළ ධීවර යාත්‍රාව සමග තිබූ සබදතා බිදවැටී ඇති බවට යාත්‍රා හිමිකරු විසින් පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බවයි නාවික හමුදාව පැවසීය.


ඒ අනුව එම යාත්‍රාව සහ ධීවරයින් සොයා ගුවන් හමුදාවේ ද සහය ඇතිව නාවික හමුදාව මෙහෙයුම් ආරම්භ කර තිබේ.


මේ අතර මුලතිව් පුදුමාතලන් ප්‍රදේශයෙන් ධීවර කටයුතු සදහා පිටත්ව ගොස් අතුරුදන් වූ ධීවරයින් තිදෙනෙකු රැගත් ධීවර යාත්‍රාව සොයා තවදුරටත් මෙහෙයුම් ක්‍රියාත්මක බව ද නාවික හමුදාව සඳහන් කළේය.


 

 

More News..