brand logo
logo
මහීල් සේනාරත්නට ඇප

මහීල් සේනාරත්නට ඇප

18 August 2026

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මඟින් අත්අඩංගුවට ගෙන තිබූ ලංකා ධීවර නීතිගත සංස්ථාවේ හිටපු සභාපති මහීල් සෙනරත්න මහතා ඇප මත මුදා හැර තිබේ.


ඒ සැකකරු අද (18) කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.


ධීවර සංස්ථාවේ හිටපු සභාපතිවරයෙකු වූ මහීල් සේනාරත්න මහතා අල්ලස් කොමිසම විසින් අද අත්අඩංගුවට ගෙන තිබුණේ දුෂණය නැමැති වරද කිරීමේ චෝදනාව මතය.


හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ සහෝදරයෙකු වන මහීල් සේනාරත්න 2010 - 2012 කාල වකවානුවේ ධීවර සංස්ථාවේ සභාපතිවරයා ලෙස කටයුතු කර තිබේ.


එම කාල වකවානුවේ දිවයින පුරා මසුන් අලෙවිසැල් ඉදිකිරීම සහ අලුත්වැඩියා කිරීමේ දී නියමිත ප්‍රසම්පාදන ක්‍රියාවලිය අනුගමනය නොකර, සෘජුවම තෝරාගත් ආයතන 2ක් වෙත ලබාදීමත්, එකී ආයතන 2 වෙත ගෙවීම් කිරීම සඳහා නිලධාරීන් වෙත බලපෑම් කර ගෙවීමට සැලැස්වීමත් ඔහුට එරෙහිව ඇති චෝදනා වේ.


 

More News..