බිඳවැටුණු පොලිස් නිෂ්කාශන මාර්ගගත දත්ත පද්ධතිය යථාවත් කෙරේ
16 October 2026
බිඳවැටුණු පොලිස් නිෂ්කාශන මාර්ගගත දත්ත පද්ධතිය යථාවත් කෙරේ
16 October 2026
තාක්ෂණික බිඳවැටීමකට ලක්ව තිබූ පොලිස් නිෂ්කාශන වාර්තා ඉල්ලුම් කිරීමේ මාර්ගගත දත්ත පද්ධතිය මේ වන විට යථාවත් කර ඇති බව පොලිස් මාධ්ය කොට්ඨාසය නිවේදනය කරයි.
ඒ අනුව අද (16) දිනයේ සිට නැවතත් මාර්ගගත ක්රමවේදය ඔස්සේ පොලිස් නිෂ්කාශන අයදුම්පත් යොමු කිරීමට හැකියාව පවතී.
අයදුම්කරුවන්ට පොලිස් නිල වෙබ් අඩවියට පිවිසීමෙන් සිය අයදුම්පත් මාර්ගගතව (Online) යොමු කළ හැකි බව පොලිස් මාධ්ය කොට්ඨාසය වැඩිදුරටත් දැනුම් දී සිටී.
නිෂ්කාශන වාර්තා ඉල්ලුම් කිරීමේ මාර්ගගත දත්ත පද්ධතියේ ඇතිවූ මෙම බිඳවැටීම හේතුවෙන් පසුගිය දිනයන්හි අයදුම්කරුවන්ට නිෂ්කාශන වාර්තා ලබා ගැනීමට නොහැකි වී තිබුණි

