brand logo
logo
අකුණු සැර වැදීමෙන්  පුද්ගලයකු ජීවිතක්ෂයට

අකුණු සැර වැදීමෙන් පුද්ගලයකු ජීවිතක්ෂයට

04 October 2026 | මනුර සුදත් සෙල්ලහේවා-හැටන්

ගිගුරුම් වැසි මධ්‍යයේ අකුණු සැර වැදීමෙන් ඊයේ(03)වන දින සිවු දරු පියකු වන ක්‍රිස්තියානි පාස්ටර්වරයකු මිය ගොස් ඇත.


මේ පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු තලවාකැලේ පොලිසියේ නිලධාරියකු පවසන ලද්දේ ඊයේ දින සවස් කාලයේ මෙම ප්‍රදේශයන්ට පැවති ගිගුරු සහිත අධික වර්ෂාව මධ්‍යයේ ඇතිවු අකුණු ගැසිම් මත අකුණු සැර වැදිමෙන් තලවාකැලේ ෆාමස්ටන් ප්‍රදේශයේ පුද්ගලයකු මිය ගොස් ඇති බවත්ය.


මෙසේ මිය ගොස් ඇත්තේ අවුරුදු 50ක් පමන වයසැති ක්‍රිස්තියානි ෆාස්ටර්වරයකු බවත් මිය ගිය අයගේ මෘත දේහය ලිදුල ප්‍රාදේශිය රෝහල වෙත රැගෙන යාමට පියවර ගෙන ඇති අතර මේ පිලිබදව තලවාකැලේ පොලිසිය වැඩි දුර පරික්ෂන සිදු කරන බවද එම නිලධාරියා වැඩි දුරටත් පැවසීය .

 

More News..