වසරේ මේ දක්වා සංචාරක පැමිණීම ලක්ෂ 18 ඉක්මවයි
25 October 2026
වසරේ මේ දක්වා සංචාරක පැමිණීම ලක්ෂ 18 ඉක්මවයි
25 October 2026
මෙම වසරේ මේ දක්වා ශ්රී ලංකාවට පැමිණි විදෙස් සංචාරකයින් සංඛ්යාව ලක්ෂ 18 ඉක්මවා ගොස් තිබේ.
ශ්රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය නිකුත් කළ නවතම දත්තවලට අනුව, ජනවාරි 1 වැනිදා සිට ඔක්තෝබර් 22 වැනිදා දක්වා කාලය තුළ සංචාරකයින් 1,813,484දෙනෙකු මෙරටට පැමිණ ඇත.
මේ අතර, ඔක්තෝබර් 1 වැනිදා සිට 22 වැනිදා දක්වා කාලය තුළ පමණක් සංචාරකයින් 119,805 දෙනෙකු මෙරටට පැමිණ ඇති බවද සඳහන්.
වසරේ මේ දක්වා වැඩිම සංචාරකයින් පිරිසක් පැමිණි රට ලෙස ඉන්දියාව වාර්තා අතර පෙරමුණේ පසුවෙයි.
ඒ අනුව, එම කාලය තුළ ඉන්දීය සංචාරකයින් 482,944 දෙනෙකු මෙරටට පැමිණ තිබේ.
එක්සත් රාජධානියෙන් සංචාරකයින් 169,405 දෙනෙකු ද, චීනයෙන් සංචාරකයින් 120,980 දෙනෙකු ද, ජර්මනියෙන් සංචාරකයින් 102,920 දෙනෙකු ද මෙරටට පැමිණ ඇත.
එමෙන්ම, ඔක්තෝබර් මාසයේ පළමු දින 22 තුළ ද වැඩිම සංචාරකයින් පිරිසක් පැමිණ ඇත්තේ ද ඉන්දියාවෙනි.
එම කාලය තුළ ඉන්දීය සංචාරකයින් 45,530 දෙනෙකු මෙරටට පැමිණ ඇති බව වාර්තා වේ.

