මත්ද්රව්ය වැරදිවලට සම්බන්ධ ළමුන් 9,105ක් අත්අඩංගුවට
10 September 2026
මත්ද්රව්ය වැරදිවලට සම්බන්ධ ළමුන් 9,105ක් අත්අඩංගුවට
10 September 2026
2025 ඔක්තෝබර් 30 වනදා සිට මේ දක්වා මත්ද්රව්ය වැරදි සම්බන්ධයෙන් ළමුන් 9,105 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි.
"රටම එකට" ජාතික මෙහෙයුම සම්බන්ධයෙන් අද (10) පැවති මාධ්ය හමුවකදී පොලිස් මාධ්ය ප්රකාශක සහකාර පොලිස් අධිකාරි එෆ්.යූ. වුට්ලර් මහතා මේ බව සඳහන් කළේය.
එම අත්අඩංගුවට ගැනීම් අතර පිරිමි ළමුන් 8,931 දෙනෙකු සහ ගැහැණු ළමුන් 173 දෙනෙකු සිටින බවද පොලිස් මාධ්ය ප්රකාශකවරයා පැවසීය.
මේ අතර, මත්ද්රව්ය ව්යසනය හේතුවෙන් 2025 වසරේදී පුද්ගලයින් 175 දෙනෙකු සියදිවි හානි කරගෙන ඇති බවද අනාවරණය වී තිබේ. ඉන් 172 දෙනෙකු පිරිමි පුද්ගලයින් වන අතර තිදෙනෙකු කාන්තාවන් බව සඳහන් වේ.
එමෙන්ම, 2026 වසරේ මේ දක්වා මත්ද්රව්ය සම්බන්ධයෙන් පුද්ගලයින් 11 දෙනෙකු මියගොස් ඇති බවද පොලිස් මාධ්ය ප්රකාශකවරයා සඳහන් කළේය.
මේ අතර, 2025 ඔක්තෝබර් 30 වනදා සිට පෙරේදා දිනය දක්වා සිදුකළ වැටලීම්වලදී හෙරොයින් කිලෝග්රෑම් 2,277යි ග්රෑම් 524ක්, අයිස් කිලෝග්රෑම් 3,172යි ග්රෑම් 52ක්, කොකේන් කිලෝග්රෑම් 293යි ග්රෑම් 872ක් සහ ගංජා කිලෝග්රෑම් 9,512යි ග්රෑම් 310ක් පොලිස් භාරයට ගෙන ඇති බවද අනාවරණය විය.

