brand logo
logo
 අධික උෂ්ණත්වය හේතුවෙන් යාල කලාප දෙකක් වසා දැමීමට තීරණයක්

අධික උෂ්ණත්වය හේතුවෙන් යාල කලාප දෙකක් වසා දැමීමට තීරණයක්

07 September 2026


පවතින අධික උෂ්ණත්වය හේතුවෙන් සතුන්ට සහ වනජීවි නිලධාරීන්ට ඇතිවන තාප ආතතිය සැලකිල්ලට ගනිමින්, යාල ජාතික වනෝද්‍යානයේ කලාප අංක 01 සහ 02 ලබන 14 වැනිදා සිට වසාදැමීමට තීරණය කර තිබේ.


වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් (මෙහෙයුම්) මංජුල අමරරත්න මහතා සඳහන් කළේ, පවතින උෂ්ණාධික කාලගුණය හේතුවෙන් සතුන්ට ජල හිඟය මෙන්ම තාප ආතතියද දැඩිව බලපා ඇති බවය.


එමෙන්ම, සංචාරක ජීප් රථ වැඩි ප්‍රමාණයක් වනෝද්‍යානය තුළ ගමන් කිරීමත් සමඟ පවතින තත්ත්වය යටතේ වනජීවි නිලධාරීන්ට රාජකාරි කටයුතු සිදුකිරීමේදී අපහසුතා මතුවන බවද ඔහු පැවසීය.


ශ්‍රී ලංකාවේ වියළි කලාපයට අයත් යාල කලාප අංක 01 සහ 02 මෙන්ම මන්නාරම සහ විල්පත්තුව ජාතික වනෝද්‍යානය ආශ්‍රිත ප්‍රදේශවල පවතින තත්ත්වය සම්බන්ධයෙන්ද නිලධාරීන් අවධානයෙන් කටයුතු කරමින් සිටින බව මංජුල අමරරත්න මහතා සඳහන් කළේය.


අවශ්‍ය අවස්ථාවලදී අදාළ වනෝද්‍යාන වසා දැමීමට හෝ සතුන්ට සහ නිලධාරීන්ට තාප ආතතියෙන් තොරව කටයුතු කිරීමට අවශ්‍ය පහසුකම් සැලසීමට පියවර ගන්නා බවද ඔහු වැඩිදුරටත් පැවසීය.  


"තියෙන උෂණාධික කාලගුණය එකක් වැඩ කරන්න අපහසුයි. අපිට ඇත්තට සිද්ධ වුණේ යාල ජාතික වනෝද්‍යානය ලබන 14 වනදා ඉඳන් වසා දමන්න කලාප අංක එක1 සහ 02 පමණයි.

මොකද අපිට සතුන්ට ජලය හිඟ වෙනවා වගේම තාපයෙන් වෙන ආතතියත් බලපානවා. ඉතින් එකේ වැඩකරන නිලධාරීන්ටත් ඒ ප්‍රශ්නය තියෙනවා.

විශාල වශයෙන් සංචාරක ජීප් රථ ගමන්කරන අතරතුර මේ වැඩත් කරගෙන යාමේ ලොකු අපහාසුවක් අපිට එනවා. ඉදිරියේදී යාලේ කලාප අංක 1ට තමයි ලොකුවට බලපාන්නේ.

මේකෙදි අපි දන්නවා ලංකාවේ ශුෂ්ක කලාපයට එන්නේ යාල කලාප අංක 1 සහ 2 ඒ වගේම වයඹ දිග වෙරළ තීරයේ මන්නානරම සහ විල්පත්ත ජාතික වනෝද්‍යානයේ තන්තිරිමලේ ඒ ප්‍රදේශ ටික තියෙන නිලධාරීන් කළමනාකරන කරමින් පවතිනවා, අවශ්‍ය අවස්ථාවලදී ඒ උද්‍යාන වසා දැමීමට හෝ මේ තියෙන තාප ආතතියෙන් සතුන් හා නිලධාරීන්ට නිදහසේ වැඩකිරීමේ හැකියාව ලබාදෙන්න බලාපොරොත්තු වෙනවා."

 

More News..