brand logo
logo
නිවසක් මතට වාහනයක් පෙරළෙයි

නිවසක් මතට වාහනයක් පෙරළෙයි

26 April 2026

නානුඔය සිට නානුඔය කිරිමැටිය දක්වා අධික වේගයෙන් ධාවනය වූ බොලෙරෝ වර්ගයේ රථයක් නානුඔය ප්‍රධාන මාර්ගයෙන් ඉවතට පැන නිවසක් මතට පෙරලීමෙන් අනතුරක් සිදු වී ඇති බව නානුඔය පොලීසිය පැවසීය.


ඊයෙ (25) රාත්‍රී 11ට පමණ මෙම අනතුර සිදු වී ඇත්තේ තලවකැලේ ඩෙස්පෝඩ් හරහා නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ කිරිමැටිය ප්‍රදේශයේදිය.


අධික වේගයෙන් ධාවනය වූ රථයේ තිරිංග පද්ධතිය හදිසියේ ක්‍රියා විරහිත වීම හේතුවෙන් මාර්ගයෙන් ඉවතට පැන නිවසක් මතට පෙරලී මෙම අනතුර සිදු වී තිබේ.


අනතුරින් රථයේ රියදුරා සහ ලොරි රථයේ ඉදිරිපස ගමන් ගත් දෙදෙනෙකු තුවාල ලබා ඇති බව නානුඔය පොලීසිය පවසයි.


අනතුරින් එම නිවසට සහ රථයටද හානි සිදු වී ඇත.


අනතුර සම්බන්ධයෙන් නානුඔය පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

 

More News..