brand logo
logo
රන් මිල රුපියල් 6000කින් ඉහළට

රන් මිල රුපියල් 6000කින් ඉහළට

15 June 2026


මෙරට රන් මිල අද (15) උදෑසන 9.00ට සාපේක්ෂව මෙරට රන් මිල රුපියල් 6,000කින් ඉහළ ගොස් ඇති බව කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළේ ආරංචි මාර්ග සඳහන් කරයි.‍


ඒ, ජාත්‍යන්තර වෙළෙඳපොළේ රන් මිල වාර්තාගත ලෙස අමෙරිකානු ඩොලර් 4,325ක් දක්වා ඉහළ යාමත් සමඟ ය.


ඒ අනුව අද උදෑසන කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළේ කැරට් 22 රන් පවුමක මිල රුපියල් 360,600ක් ලෙස සටහන් වී ඇත.


එමෙන්ම, පසුගිය සෙනසුරදා (13) රුපියල් 386,000ක් ලෙස පැවති කැරට් 24 රන් පවුමක මිල අද වනවිට රුපියල් 392,000 දක්වා ඉහළ ගොස් ඇති බවද වෙළෙඳපොළ ආරංචි මාර්ග සඳහන් කරයි.

 

More News..