brand logo
logo
ඉන්දියාවේ දී ශ්‍රී ලාංකික තරුණියක් ඝාතනය කෙරේ

ඉන්දියාවේ දී ශ්‍රී ලාංකික තරුණියක් ඝාතනය කෙරේ

01 June 2026

චෙන්නායි හි කොයිම්බතූර්හිදී ශ්‍රී ලාංකික තරුණියක් ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයින් 7දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.


පෞද්ගලික රාත්‍රී සමාජ ශාලාවක ඇති වූ ආරවුලක් හේතුවෙන් මෙම ඝාතනය සිදුව ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.


මෙලෙස මියගොස් ඇත්තේ විලුප්පුරම් දිස්ත්‍රික්කයේ පිහිටි ශ්‍රී ලාංකික සරණාගත කඳවුරක පදිංචිව සිටි 18 හැවිරිදි යාන්සි නමැති තරුණියකි.


අදාළ තරුණිය සමාජ මාධ්‍ය හරහා චෙන්නායි හි පදිංචි කාන්තාවක සමඟ මිතුරු වී ඇති අතර ඇයව මුණගැසීම සඳහා චෙන්නායි වෙත ගොස් ඇත.


පසුව ඔවුන් දෙදෙනා රාත්‍රී කාලයේදී කොයිම්බේඩු හි පිහිටි රාත්‍රී සමාජ ශාලාවකට ගොස් ඇති අතර එහිදී වෙනත් කණ්ඩායමක් සමඟ ආරවුලක් ඇති කරගෙන තිබේ.


එහිදී සමාජ ශාලාවේ ආරක්ෂක නිලධාරීන් විසින් දෙපාර්ශවයටම ඉන් පිටතට යන ලෙසට දැනුම්දීමක් කර ඇත.


පසුව අදාළ තරුණිය ඉන් පිටව විත් යතුරු පැදියෙන් ගමන් කරමින් සිටියදී ගැටුමට සම්බන්ධ අනෙක් පාර්ශ්වය විසින් මෝටර් රථයෙන් ඇයව අනතුරට ලක් කර ඝාතනය කර ඇති බව වාර්තා වේ. 


එමෙන්ම යතුරු පැදියේ ගමන් කළ තවත් තරුණියක් බරපතළ තුවාල ලබා රෝහල් ගත කර ඇති බවද සඳහන්.


ඒ අනුව මෙම සිදුවීම සම්බන්ධයෙන් පුද්ගලයන් 7දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.


අනතුර සිදුකළ මෝටර් රථයේ දේශපාලන පක්ෂයක ධජයක් සවිකර තිබූ බව අනාවරණය වී ඇත.


මේ වනවිට පොලිසිය විසින් දැඩි විමර්ශන කටයුතු සිදුකරමින් පවතින අතර, අදාළ රාත්‍රී සමාජ ශාලාවට මුද්‍රා තබා ඇති බව වාර්තා වේ.


 

More News..