කිකිළියන් හා වැස්සියන්ට හොර බේත් දීලා
19 August 2026 | •ගයාත්‍රි ගීගනආරච්චි
කිකිළියන් හා වැස්සියන්ට හොර බේත් දීලා
19 August 2026 | •ගයාත්‍රි ගීගනආරච්චි
සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව සමග ඒකාබද්ධව පාරිභෝගික කටයුතු අධිකාරිය කරන ලද වැටලීමකදී සොයා ගත් රුපියල් ලක්ෂ 30ට ආසන්න වටිනාකමකින් යුත් නීතිවිරෝධී සත්ත්ව ඖෂධ තොගයක් විනාශ කර තිබේ.
අත්අඩංගුවට ගත් මෙම ඖෂධ තොගයේ සම්පූර්ණ බර කිලෝග්‍රෑම් 1,090ක් බව පාරිභෝගික කටයුතු අධිකාරිය පවසයි.
සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කර නොතිබූ නීතිවිරෝධී සත්ත්ව ඖෂධ තොගයක් ද මෙම වැටලීමේදී සොයා ගැනීමට හැකි වී ඇත. අනතුරුව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සහ සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ, කෙරවලපිටිය සායනික අපද්‍රව්‍ය විනාශ කිරීමේ පරිශ්‍රයේදී මෙම සම්පූර්ණ ඖෂධ තොගය විනාශ කිරීමට කටයුතු කර තිබේ. ඖෂධ තොගය විනාශ කිරීම සඳහා වූ සම්පූර්ණ වියදමද අදාළ නිෂ්පාදකයා විසින් දරා ඇත.
මෙවැනි නිසි ප්‍රමිතියෙන් තොර ඖෂධ සතුන්ට ලබාදීම සතුන්ගේ සෞඛ්‍යයට හා ජීවිතයට පමණක් නොව, එම සතුන්ගෙන් ලබාගන්නා මස්, කිරි, බිත්තර වැනි සත්ත්ව නිෂ්පාදන පරිභෝජනය කරන ජනතාවගේ සෞඛ්‍යයටද අවදානමක් ඇති කළ හැකි යැයි පාරිභෝගික අධිකාරිය පවසයි.

