brand logo
logo
ශ්‍රී ලංකා කාන්තා පිල අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබයි

ශ්‍රී ලංකා කාන්තා පිල අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබයි

07 September 2026

2026, කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ බංග්ලාදේශ කණ්ඩායම සමඟ පැවැති තරගය කඩුලු 4කින් ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.


තරගයේ ප්‍රථමයෙන් පන්දුවට දුන් බංග්ලාදේශ කණ්ඩායම පන්දුවාර 20ක් තුළ කඩුළු 8ක් දැවී රැස්කරගත් ලකුණු සංඛ්‍යාව 114කි.


ජයග්‍රහණය සඳහා ලකුණු 115ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 19.2ක් තුළ කඩුළු 6ක් දැවී තරගයේ ජය වාර්තා කළහ.


එහිදී හර්ෂිතා සමරවික්‍රම නොදැවී ලකුණු 48ක් ලබාගත්තාය.


ඒ අනුව ශ්‍රී ලංකා කාන්තා පිල ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව තරගාවලියට සුදුසුකම් ලැබීමට සමත්විය.


තරගය පැවැත්වුණේ, ඩුබායි අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදීය. 

 

More News..