brand logo
logo
 දිවයිනේ ප්‍රදේශ රැසකට අදත් වැසි

දිවයිනේ ප්‍රදේශ රැසකට අදත් වැසි

11 July 2026


අද (11) සබරගමුව පළාතේ සහ මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බවත්, බස්නාහිර සහ වයඹ පළාත්වල සහ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල වැසි ස්වල්පයක් ඇති විය හැකි බවත් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පැවසීය.


එමෙන්ම ඌව පළාතේ සහ අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවල ස්ථාන ස්වල්පයක ප.ව. 2න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.


දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වියලි කාලගුණික තත්ත්වයක් පවතින බව එම දෙපාර්තමේන්තුව පැවසීය.


මේ අතර මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල, උතුරු-මැද පළාතේ සහ මොනරාගල, පුත්තලම, හම්බන්තොට, ත්‍රිකුණාමලය සහ මන්නාරම දිස්ත්‍රික්කවල විටින් විට පැ.කි.මී. 40-50ක පමණ තද සුළං ඇති විය හැක.


ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

 

More News..