brand logo
logo
වාහන ආදායම් බලපත්‍ර නිවසේ සිටම ලබාගැනීමේ නව ක්‍රමයක්

වාහන ආදායම් බලපත්‍ර නිවසේ සිටම ලබාගැනීමේ නව ක්‍රමයක්

03 October 2023

ඔක්තෝබර් 07 වනදා සිට ජනතාවට නිවසේ සිටම වාහන ආදායම් බලපත්‍ර ලබාගැනීමේ හැකියාව පවතින බව තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් පවසයි.


ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු ප්‍රකාශ කළේ, බස්නාහිර පළාතේ ජනතාවට හැර සෙසු සියලු පළාත්වල ජනතාවට එම පහසුකම ලබාගත හැකි බවය.


මෙම නව ක්‍රමය මගින් නිවසේ සිට මෝටර් රථවාහන ආදායම් බලපත්‍ර (eRL 2.0) ලබාගත හැකි බවත් ඇමැතිවරයා පෙන්වාදුන්නේය.


එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය ඇමැති කනක හේරත් මෙසේද පැවසීය.


"වාහන ආදායම් බලපත්‍රය ඔන්ලයින් සේවාවෙන් ලබාදීමේ වැඩසටහන දැන් අපි ආරම්භ කරලා තියෙනවා. 7 වෙනිදා ඉඳලා ඕනෑම කෙනෙක්ට ඕනෑම පළාතක මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියට ගිහින් ඔන්ලයින් ක්‍රමයට තමන්ගේ වාහන ආදායම් බලපත්‍රය ලබාගන්න හැකියාව තියෙනවා. පළමු මාසයේ දී බස්නාහිර පළාත තවම ඇතුළත් කරලා නෑ. අනෙක් පළාත් 8ම සුදානමින් ඉන්නේ."


"සියලුම රාජ්‍ය සේවා සඳහා ගෙවීම්, ඔන්ලයින් ගෙවීම් විදියට හරවන්න යනවා. ඒකෙදි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස, ප්‍රාදේශීය සභාවන්, ඒ වගේම නගර සභාවන්, දිස් ලේකම් කාර්යාල ඇතුළු රාජ්‍ය ආයතන 9ක් අපි තෝරගෙන නියමු ව්‍යාපෘතියක් අපි ආරම්භ කරලා තියෙනවා. මේ මාසය තුළදී ඒ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරලා, සේවාවන් සියල්ලක්ම ඔන්ලයින් ක්‍රමයට අපේ පාරිභෝගියාට නිවසේ සිටම ගෙවීම් කරන්න අපි ක්‍රමවේදයක් සකස් කරලා තියෙනවා. බලාපොරොත්තු වෙනවා ලබන වසරේ මාර්තු 30 වෙද්දි 100%ක්ම ඔන්ලයින් ගෙවීම් ක්‍රමයෙන් සේවාවන් ලබාදෙන්න."

 

More News..