brand logo
logo
ධීවර සංස්ථාවේ හිටපු සහකාර ඉංජිනේරුවරයාට ඇප

ධීවර සංස්ථාවේ හිටපු සහකාර ඉංජිනේරුවරයාට ඇප

20 May 2026


තංගල්ල ධීවර වරාය ජැටිය අලුත් වැඩියා කිරීමේ ටෙන්ඩරය නීත්‍යානුකූල ප්‍රසම්පාදන ක්‍රියාවලියෙන් බැහැරව සීය මස්සිනාට ලබාදී රජයට පාඩුවක් කළේ යැයි අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ ලංකා ධීවර වරාය නීතිගත සංස්ථාවේ හිටපු සහකාර ඉංජිනේරු ඇපමත මුදා හැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලියන් වරුෂවිතාන මහතා අද (20) නියෝග කළේය.


අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ මාතර පදිංචි කසුන් නාමල් නමැති සැකකරු මෙසේ ඇප මත මුදාහල අතර සැකකරුට රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප දෙකක් නියම කළේය. සැකකරුගේ විදෙස් ගමන් තහනම් කරමින් ආගමන විගමන පාලකවරයාට නියෝගයක්ද නිකුත් කළේය.


සැකකරු ඉදිරිපත් කරමින් අල්ලස් කොමිසම කියා සිටියේ 2020 වසරේ තංගල්ල ධීවර වරාය ජැටිය අලුත් වැඩියා කිරීමේ තාක්ෂණික ඇගයීම් කමිටුවේ සාමාජිකයකුව සිටිමින් අල්ලස් පනත ප්‍රකාරව මෙම දූෂණය නමැති වරද සිදු කර ඇති බවය.


සිද්ධිය සම්බන්ධයෙන් 2024 වසරේදී අල්ලස් කොමිසමට ලැබුණු පැමිණිල්ලක් අනුව විමර්ශන කිරීමෙන් අනතුරුව සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන බවද පැවසීය.


 

More News..