සෙනෙට් මණ්ඩල ක්‍රමයක් නැවත
26 March 2024 | සාලිය කුමාර ගුණසේකර
සෙනෙට් මණ්ඩල ක්‍රමයක් නැවත
26 March 2024 | සාලිය කුමාර ගුණසේකර
සෙනෙට් මණ්ඩල ක්‍රමයක් නැවත ස්ථාපිත කිරීම පිළිබඳ යෝජනාවක් ඉදිරිපත් කර ඇතැයි අධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂ පැවසීය.
මේ අනුව 35 දෙනකුගෙන් සමන්විත සෙනෙට් මණ්ඩලයක අවශ්‍යතාව යෝජනා කර තිබෙන බවත්, එක් පළාතකට තිදෙනා බැගින් පළාත් නමයට සාමාජිකයන් 27 දෙනකු සහ ජනාධිපතිවරයාගේ බලතල මත අටදෙනකු පත් කිරීමට යෝජනා කර තිබෙන බවත්, මේ අනුව සෑම ජන වර්ගයක්ම නියෝජනය වන පරිදි සෙනෙට් සභාව පිහිටුවීම සම්බන්ධව යෝජනා කර ඇතැයි ද ඔහු කීවේය.
ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ ඊයේ (25 වැනිදා) පැවැති මාධ්‍ය හමුවේදී ඇමැතිවරයා මේ බව කියා සිටියේය.
වර්තමානයේ ව්‍යවස්ථාදායක සභාවක් ස්ථාපිත කරනු ලැබුවේ පාර්ලිමේන්තුවට ඉහළින් අධීක්ෂණය කිරීම සඳහා කිසිදු ආයතනයක් නොමැති නිසා බවත්, සෙනෙට් සභාව පවතින කාලයේදී මෙරට සුළු ජන කොටස්වලට පාලන ක්‍රමය සම්බන්ධව විශ්වාසයක් පැවැති බවත් ඔහු කීවේය.
1972 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ සෙනෙට් මණ්ඩලය අහෝසි කරනු ලැබූවත්, ඉන්දියාව, ඇමෙරිකාව, ජර්මනිය, ප්‍රංශය ආදී රටවල්වල සෙනෙට් සභාව ක්‍රියාත්මක වන බවත්, පාර්ලිමේන්තුවට ගෙනෙන පනත් සංශෝධනය කිරීමට, ඒවා අධීක්ෂණය කිරීමට සෙනෙට් සභාවට බලතල තිබෙන බවත් ඇමැතිවරයා පැවසීය.
සෙනෙට් සභා ක්‍රමය මෙරට පැවතියේ නම් පළාත් සභා ක්‍රමය මෙරට පිහිටුවීමේ අවශ්‍යතාවය පැන නොනගින බවද ඔහු පැවසුවේය.
මැතිවරණ සංශෝධන හරහා මැතිවරණ කල් දැමීම සිදු නොවන බවත්, මැතිවරණ කල් දැමීමේ උවමනාවක් නොමැති බවත් ඔහු කීවේය.
ඉදිරිපත් කරන ලද මැතිවරණ සංශෝධන මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට නොව ඊළඟ මැතිවරණයේදී ක්‍රියාත්මක කළ හැකි යැයි තමා බලාපොරොත්තු වන බවද ඇමැතිවරයා සඳහන් කළේය.