SPILEX 2026 සඳහා ශ්‍රී ලංකා වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සක්‍රීය දායකත්වය
19 November 2026
SPILEX 2026 සඳහා ශ්‍රී ලංකා වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සක්‍රීය දායකත්වය
19 November 2026
සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය (MEPA) මගින් සංවිධානය කරන ලද ජාතික තෙල් හා අන්තරායකර සහ හානිකර ද්‍රව්‍ය (HNS) මුහුදට මුසුවීමේ ප්‍රතිචාර අභ්‍යාසය වන SPILEX 2026 සඳහා ශ්‍රී ලංකා වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුව සක්‍රීයව දායක විය.
කොළඹ වරාය සහ දික්ඕවිට ධීවර වරාය පරිශ්‍ර ආශ්‍රිතව ඊයේ (18) සහ අද (19) යන දෙදින පැවති මෙම අභ්‍යාසයට රාජ්‍ය ආයතන ඇතුළු පාර්ශ්වකරුවන් රැසක් එක්ව සිටියහ.
දින දෙකක සැලසුම්ගත ක්‍රියාකාරකම් ශ්‍රී ලංකා මුහුදු සීමාව තුළ සිදුවිය හැකි තෙල් සහ හානිකර ද්‍රව්‍ය කාන්දු වීම් සඳහා ජාතික මට්ටමේ සූදානම, ආයතන අතර සම්බන්ධීකරණය සහ ප්‍රතිචාර හැකියාවන් තහවුරු කිරීම මෙහි ප්‍රධාන අරමුණ විය.
සුහුරු අභ්‍යාසයක් (Tabletop Exercise) පවත්වමින් හදිසි තත්ත්ව කළමනාකරණ සැලසුම් සහ සම්බන්ධීකරණ ක්‍රියාවලීන් සමාලෝචනය කෙරිණි.
ප්‍රායෝගික මෙහෙයුම් අභ්‍යාසයක් (Practical Deployment Exercise) ක්‍රියාත්මක කරමින් ක්ෂේත්‍ර මට්ටමේ තාක්ෂණික හැකියාවන් අත්හදා බැලිණි.
යොදවන ලද යාත්‍රා සහ ක්ෂේත්‍ර මෙහෙයුම් ප්‍රායෝගික අභ්‍යාසය සඳහා තෙල් දූෂණ ප්‍රතිචාර කටයුතු වෙනුවෙන් විශේෂයෙන් සකස් කළ වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සමරක්ෂා නෞකාව, වෙරළබඩ මුර යාත්‍රා (Inshore Patrol Craft) දෙකක් සහ විශේෂඥ පුහුණුව ලත් නිලධාරීන් හා නාවිකයන් යොදවන ලදී.
තෙල් පැතිරීම පාලනය කිරීමට තෙල් වැළැක්වීමේ බාධක (Oil Containment Booms) ස්ථාපනය කිරීම.
තෙල් ඉවත් කිරීමේ උපකරණ (Skimmers) ක්‍රියාත්මක කිරීම.තෙල් විසුරුවා හැරීමේ රසායනික ද්‍රව්‍ය ඉසීමේ මෙහෙයුම් (Dispersant Spraying Operations) සිදු කිරීම ඇතුළත් විය.
හදිසි අවස්ථාවන්හිදී ක්‍රියාත්මක වන සිද්ධි විධාන පද්ධතිය (Incident Command System – ICS) පුහුණු කිරීම මෙහි වැදගත් අංගයක් විය.
ඒකාබද්ධ විධාන ව්‍යුහයේ (Unified Command) සෙසු නියෝජිත ආයතන සමඟ සම සභාපතිත්වය වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුවේ විෂය පිළිබඳ විශේෂඥ නිලධාරීන් විසින් දරමින් ඒකාබද්ධ ප්‍රතිචාර මෙහෙයුම් සම්බන්ධීකරණය කළහ.
සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය ක්‍රියාත්මක කරන ජාතික තෙල් හා HNS ද්‍රව්‍ය මුහුදට මුසුවීමේ හදිසි ප්‍රතිචාර සැලැස්මට (NOHNSCOP) සහාය දක්වමින් සිදු කළ මෙම දායකත්වය, ශ්‍රී ලංකාවේ සමුද්‍රීය පරිසරය සුරැකීම සඳහා වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුවේ මෙහෙයුම් සූදානම සහ අන්තර් ආයතනික සහයෝගීතාව තවදුරටත් තහවුරු කළේය.


