brand logo
logo
දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි

දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි

10 October 2026


දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද පස්වරුවේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.


බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, අනුරාධපුරය සහ මන්නාරම දිස්ත්‍රික්ක වලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75 ක පමණ තරමක තද වැසි ඇති විය හැකියි.


ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙන්නේය.


ඊයේ රාත්‍රියේ ඇතිවූ වැසි තත්ත්වයත් සමග පොල්ගොල්ල වේල්ලේ වාන් දොරටු හතරක් විවෘත කිරීමය අද අලුයම පියවර ගෙන තිබේ.


මින් තත්පරයට ඝණ අඩි 6,000ක ජල ධාරිතාවක් මුදා හැරෙන්නේ වික්ටෝරියා ජලාශයටයි.

 

More News..