brand logo
logo
කතරගම දේවාලයේ අතු පන්දලම අලුත් කෙරේ

කතරගම දේවාලයේ අතු පන්දලම අලුත් කෙරේ

02 July 2025

වාර්ෂිකව පැවැත්වෙන රුහුණු කතරගම මහා දේවාලයේ ඇසල මංගල්‍යයට සමගාමීව පැවැත්වෙන දේවාලය ඉදිරිපිට අතු පන්දලම අලුත් කිරීම (01) වෙනිදා සිදුකෙරිණි.


එදින උදෑසන පැරණි සිරිත් අනුව බස්නායක නිලමේ වලව්වේ පැවති දානමය පිංකමෙන් පසු පෙරහරේ පස් වෙන දිනයෙන් පසු පෙරහැරේ අලි ඇතුන් විසින් රැගෙන ආ ප්‍රථම මාදම් කොළ අතු මිටිය වාසනා හස්ති රාජයා වෙත ලබාදීම බස්නායක නිලමේ තැන්පත් ඩිෂාන් වික්‍රමරත්න ගුණසේකර මහතා අතින් සිදුකෙරිණි.


දුටුගැමුණු මහ රජු විවිස්න් එළාර දුටුගැමුණු යුද්ධය ජයගැනීමට කතරගම දේවාලයට භාරයක් විය.


ඒ අනුව එළාර රජු පරාජය කිරීමෙන් පසු රන්උළු මාලිගාවක් සාදා පූජාකිරීම එම භාරයයි.


භාරය ඔප්පු කරන තෙක් සන්නාසි වෙසින් සිටි ස්කන්ධ කුමරුන්ට සෙබළුන් ලවා තාවකාලික කොළ අතු පන්ඳලමක් සාදාදී ඇත. එම අතුපන්දලම වාර්ෂිකව අලුත් වැඩියාකිරීම මෙම චාරිත්‍රය අනුව සිදුකෙරේ.

 

More News..