brand logo

නෙලුම් පොකුණෙන් සමගි ජන බලවේගය ඇරඹෙයි

02 March 2020

පොදු ජන හඳගැස්මට දේශපාලන න්‍යාය පත්‍රයේ වැඩි වටීනාකමක් දෙමින් පොදු ජන යුගයක් බිහිකරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. කොළඹ නෙලුම් පොකුණ රගහලේ අද පෙරවරුවේ පැවති සමගි ජන බලවේගයේ සමාරම්භක අවස්ථාවට එක්වෙමින් එහි නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව පැවසිය. සමගි ජන බලවේගය සමග දේශපාලන පක්ෂ සහ සිවිල් සංවිධාන 12 ක් එක්ව ඇත. අදාල පක්ෂ සහ සංවිධාන සමග ගිවිසුම් ගතවීමට මෙහිදී සිදුවිය. එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පළාත් පාලන නියෝජිතයින් ඇතුලු පිරිසක් උත්සවයට එක්ව සිටියා. කෙසේවතත් එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා මෙම අවස්ථාවට එක්ව සිටියේ නැහැ.
 

More News..