ට්‍රම්ප්ගෙන් ඉන්දියාවට සියයට 25ක තීරු බද්දක්
30 July 2025
ට්‍රම්ප්ගෙන් ඉන්දියාවට සියයට 25ක තීරු බද්දක්
30 July 2025
අමෙරිකානු එක්සත් ජනපදය විසින් ඉන්දියාවෙන් ආනයනය කෙරෙන භාණ්ඩ සඳහා අන්‍යෝන්‍ය තීරුබදු අනුපාතය 25%ක් බව නිවේදනය කර තිබේ.
ඒ අනුව අගෝස්තු 01 වනදා සිට මෙම නව බදු අනුපාතය බලපැවැත්වෙන අමෙරිකානු ජනධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය Truth සමාජ මාධ්‍ය ගිණුම හරහා නිවේදනය කර ඇත.
ඉන්දියාව අමෙරිකාවේ මිතුරෙකු වුවද, ඔවුන් විශාල තීරුබදු අනුපාතයක් පනවා ඇති බැවින් තම රට ඔවුන් සමග වසර ගණනාවක සිට සිදුකර ඇත්තේ සාපේක්ෂව ඉතා අඩු වෙළෙඳ ගනුදෙනු සංඛ්‍යාවක් බව ට්‍රම්ප් සිය සමාජ මාධ්‍ය ගිණුමේ දක්වා තිබේ.
තවද ඉන්දියාව, රුසියාවේ විශාල වශයෙන් වෙළෙඳ ගනුදෙනුවල නිරතවීම ද ඉන්දියාවට මෙලෙස දණ්ඩන තීරුබදු අනුපාතිකයක් පැනවීමට හේතු වී ඇති බව ට්‍රම්ප් ජනාධිපතිවරයා අවධාරණය කරයි
එබැවින් මෙලෙස ඉන්දියාවෙන් අයකරන තීරුබදු ප්‍රතිශතය ඉහළ දැමීමට හේතු වී ඇත.
එසේම ඉන්දියාව මිලදීගෙන ඇති යුද උපකරණවලින් අතිමහත් මිලදීගෙන ඇත්තේද රුසියාවෙන් බව ට්‍රම්ප් පවසයි.
මෙම සියලු කරුණු පදනම් කරගනිමින් අමෙරිකාව විසින් මෙලෙස ඉන්දියාවෙන් 25%ක තීරු බදු ප්‍රතිශතයක් අයකිරීමට තීරණය කර තිබේ.

