CSD හිටපු ප්‍රධාන ගණකාධිකාරිවරයෙක් අත්අඩංගුවට
11 March 2026
CSD හිටපු ප්‍රධාන ගණකාධිකාරිවරයෙක් අත්අඩංගුවට
11 March 2026
අයතා වත්කම් ඉපයීමේ චෝදනාවකට අදාළව සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ හිටපු ප්‍රධාන ගණකාධිකාරීවරයෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අද (11) පෙරවරුවේ අත්අඩංගුවට ගෙන ඇත.
අදාළ සැකකරු අල්ලස් පනතේ 23 (අ) (1) වගන්තිය අනුව 2011.03.31 වන දින සිට 2013.08.03 යන කාලය තුළ තම නීත්‍යානුකූල ආදායම අබිබවා රු. 4,428,305.70ක වටිනාකමෙන් යුත් වත්කම් උපයා ඇති බවට චෝදනා එල්ලවී තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරු කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

