brand logo
logo
මානව හිමිකම් කොමිසමේ වැඩ කොට උඩ

මානව හිමිකම් කොමිසමේ වැඩ කොට උඩ

24 October 2026 | එෆ්. අස්ලම්

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ කාලය අවසන්වී මාස හතරකට ආසන්න කාලයක් ගතවී ඇතත් එම කොමිෂන් සභාවට නව සාමාජික මඩුල්ලක් පත්නොකිරීමෙන් එහි වැඩ කටයුතු රැසක් අඩාළවී තිබේ.


සභාපති, ලේකම් ඇතුළු සාමාජිකයන් පස්දෙනකුගෙන් සමන්විත මෙම කොමිෂන් සභාවේ නිල කාලය පසුගිය ජුනි 28 වැනිදා අවසන් විය. කෙසේ වෙතත් නව සාමාජිකයන් පත්කිරීම සම්බන්ධයෙන් හෝ පත්කර සිටි කොමිෂන් සභා සාමාජිකයන් සම්බන්ධයෙන් ගන්නා ඉදිරි පියවරක් ගැන සඳහන් නොකිරීම මත කොමිෂන් සභා සාමාජිකයන් දිගුකාලීන සැලසුම් හෝ ඉදිරි පියවරයන් ගැන කටයුතු නොකරන බව එම කොමිෂන් සභාවේ ප්‍රකාශකයකු පැවසුවේය.


ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව මගින් කොමිෂන් සඳහා නව සාමාජිකයන් නම් කළ යුතු අතර ජනාධිපතිවරයා සාමාජිකයන් පත් කළ යුතුය.

 

More News..