brand logo
logo
ටිබෙටයේ භූමිකම්පාවෙන් 16ක් මරුට

ටිබෙටයේ භූමිකම්පාවෙන් 16ක් මරුට

23 October 2026

ටිබෙටයේ කඳුකර ප්‍රදේශයක ඊයේ (22) රාත්‍රියේ ඇතිවූ ප්‍රබල භූමිකම්පාවෙන් පුද්ගලයින් 16ක් මියගොස් තවත් බොහෝ පිරිසක් තුවාල ලබා ඇති බව චීන රාජ්‍ය මාධ්‍ය නිවේදනය කර තිබේ.


රික්ටර් මාපකයේ ඒකක 7ක ප්‍රබලත්වයකින් යුතු වූ මෙම භූමිකම්පාව එරට වේලාවෙන් රාත්‍රී 10.33ට පමණ සිදුවූ බව චීන භූමිකම්පා මධ්‍යස්ථානය නිවේදනය කළේය.


චීන බලධාරීන් විසින් මේ වනවිට එම කලාපයේ හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත්කර ඇති අතර, බලපෑමට ලක්වූ ප්‍රදේශයට ගලවා ගැනීමේ කණ්ඩායම් යොදවා ඇත.


භූමිකම්පාව හේතුවෙන් විදුලිය විසන්ධි වී ඇති අතර, නිවාස 339ක් කඩා වැටී ඇති බව ප්‍රාදේශීය වාර්තා පවසයි.

මෙම කලාපය භූ කම්පනවලට නිරන්තරයෙන් ගොදුරුවන ප්‍රදේශයක් වන අතර, 2023දී සිදුවූ රික්ටර් මාපකයේ 6.2ක භූමිකම්පාවකින් 120කට වැඩි පිරිසක් මිය ගියහ.


එමෙන්ම 2010 වසරේදී මෙම ප්‍රදේශයේ සිට කිලෝමීටර 280ක් පමණ දුරින් පිහිටි චිංහායි පළාතේ සිදුවූ රික්ටර් මාපකයේ 7.1ක ප්‍රබලත්වයෙන් යුතු භූමිකම්පාවකින් පුද්ගලයින් 2,698 දෙනෙකු මියගොස් තවත් 300කට ආසන්න පිරිසක් අතුරුදහන් විය.

 

More News..