brand logo
logo
කොළඹ රජයේ බංගලා 7ක් බදු දීමට සැලසුමක්

කොළඹ රජයේ බංගලා 7ක් බදු දීමට සැලසුමක්

21 August 2026 | •සාලිය කුමාර ගුණසේකර

කොළඹ රජයේ බංගලා හතක් ආර්ථික වශයෙන් උපයෝගී කර ගැනීම සඳහා ආයෝජකයන්ට බදුදීමට මුදල්, ක්‍රමසම්පාදන හා ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය සැලසුම් කර ඇත.


රාජ්‍ය ආදායම් ඉහළ නැංවීමේ අරමුණින් හා නව ව්‍යාපාරික අවස්ථා සහ සංචාරක ආකර්ෂණ ඇති කිරීමේ අරමුණින් කොළඹ 05 ප්‍රදේශයේ පිහිටි රජය සතු බංගලා හතක් ආර්ථික වශයෙන් උපයෝගී කරගැනීම සඳහා ආයෝජකයන්ගෙන් යෝජනා කැඳවීමට අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.


කොළඹ 05, ස්ටැන්මෝ චන්ද්‍රවංකයේ පිහිටි B13, B14 සහ B20 දරන බංගලා නිවාස, මලලසේකර මාවතේ C61 සහ C62 දරන බංගලා නිවාස මෙන්ම ස්කෙල්ටන් පාරේ E01 සහ E02 දරන බංගලා නිවාස මෙලෙස ආයෝජන කටයුතු සඳහා ලබාදීමට නියමිතය.

 

More News..