රාජාංගනය ජලාශයේ වාන්දොරටු හයක් විවෘත කෙරේ
21 October 2026 | බී.ඩබ්ලිව්.ඩී. ධර්මකීර්ති-තඹුත්තේගම
රාජාංගනය ජලාශයේ වාන්දොරටු හයක් විවෘත කෙරේ
21 October 2026 | බී.ඩබ්ලිව්.ඩී. ධර්මකීර්ති-තඹුත්තේගම
ඉහළ ජල පෝෂක ප්රදේශවලට ඇදහැලුණු අධික වර්ෂාවාව හේතුවෙන් රාජාංගනය ජලාශයේ ජල මට්ටම සීඝ්ර ලෙස ඉහළ ගොස් තිබේ.
මේ හේතුවෙන් රාජාංගනය ජලාශයේ ජල මට්ටම පාලනය කර ගැනීම සඳහා අද (21) පෙරවරුවේ සිට ජලාශයේ වාන්දොරටු හයක් විවෘත කිරීමට කටයුතු කර තිබේ .
ඒ අනුව ජලාශයේ වාදොරටු 32 න් වාන්දොරටු දෙකක් අඩි 4'ක් බැගින්ද,වාන්දොරටු දෙකක් අඩි 3'ක් බැගින්ද,වාන්දොරටු දෙකක් අඩි 2'ක් බැගින්ද විවෘත කර තිබෙන අතර එමගින් තත්පරයට ඝණ අඩි 5228 ක ජල ධාරිතාවක් කළාඔයට මුදා මුදාහැරිම සිදු වෙයි .
රාජාංගන ජලාශය භාර වාරි ඉන්ජිනේරු සම්පත් සමරජීවම පවසන්නේ අයහපත් කාලගුණික තත්ත්වයත මත රාත්රීයේ වර්ෂාපතනය වැඩි වුවහොත් තවත් වාන් දොරටු විවෘත කරන බවත් රාජාංගනය ජලාශයේ පහළ කොටස කලා ඔය ආශ්රිතව පහත් බිම්මල ජනතාවට දැඩි අවධානයකින් සිටින බවට පවසයි .

