ටික්ටොක් ප්‍රේම නිසා දැරියන් ගැබ්වෙලා
08 August 2026 | වරුණි පෙරමුණ /එෆ් අස්ලම්
ටික්ටොක් ප්‍රේම නිසා දැරියන් ගැබ්වෙලා
08 August 2026 | වරුණි පෙරමුණ /එෆ් අස්ලම්
ටික්ටොක් ඇතුළු සමාජ මාධ්‍ය මගින් හඳුනා ගන්නා සහකරුවන් සමග සබඳතා පැවැත්වීම තුළින් බාලවයස්කාර දැරියන් ගැබ් ගැනීමේ ප්‍රවණතාවක් ඇති බව පොලිසිය අනාවරණය කරයි. දෙමව්පියන් විසින් බාලවයස්කාර ළමුන්ට ජංගම දුරකථන ලබාදුන් පසු ඔවුන් සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ පුද්ගලයන් සමග සබඳතා ගොඩනගා ගැනීම නිසා මෙම තත්ත්වය උදාවී තිබේ. එම ගොඩනගා ගන්නා සබඳතා ඔස්සේ එකිනෙකා හඳුනා ගනිමින් අවුරුදු 15-17 අතර වයස් කාණ්ඩයේ බාලවයස්කාර දැරියන් ඔවුන් සමග නිවෙස්වලින් බැහැරට ගොස් එම පුද්ගලයන්ගෙන් අපයෝජනයට ලක්වී ඔවුන් ගැබිනියන් බවට පත්වීමේ අවස්ථා සම්බන්ධව පොලිසියට මේ වනවිට පැමිණිලි ලැබෙමින් පවතී.
එසේම මේ වසරේ ගතවූ මාස කිහිපය තුළ යොවුන් වියේ සිදුව ඇති ගැබ්ගැනීම් පිළිබඳව පැමිණිලි හතළිහක් (40), ස්ත්‍රි දූෂණය සම්බන්ධයෙන් පැමිණිලි එකසිය එකක් (101), බරපතළ ලිංගික අපයෝජන සම්බන්ධව පැමිණිලි හැටක් (60), ලිංගික අතවර සම්බන්ධව පැමිණිලි (213) ජාතික ළමාආරක්ෂක අධිකාරියට ලැබී තිබේ.
දැරියන්ට අමතරව පිරිමි ළමුන්ද මෙම සමාජ මාධ්‍ය භාවිත කිරීම තුළින් විවිධ අපයෝජනයන්ට ලක්ව ඇති බව පොලිසිය සඳහන් කරයි.
මෙම තත්ත්වය සමාජ ගැටලුවක් ලෙස වර්ධනය වෙමින් ඇති බවද සමාජ විද්‍යාඥයෝ ද පෙන්වා දෙති.
විශේෂයෙන් ළමුන්ට ජංගම දුරකථන ලබාදීමේදී දෙමව්පියන් වැඩි සැලකිල්ලක් දැක්විය යුතු බවත්, ඔවුන් ඇසුරු කරන පුද්ගලයන් සම්බන්ධව අවධානයෙන් සිටින ලෙසත් පොලිසිය දැනුම් දෙයි.

