A9 මාර්ගයේ රිය අනතුරක් - පස්දෙනකුට තුවාල
10 January 2026
A9 මාර්ගයේ රිය අනතුරක් - පස්දෙනකුට තුවාල
10 January 2026
අද (10) අලුයම A9 ප්‍රධාන මාර්ගයේ මිහින්තලය ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරකින් පුද්ගලයන් පස්දෙනකු තුවාල ලබා ඇත.
දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැති ක්‍රිකට් තරගය නැරඹීමෙන් අනතුරුව වෑන් රථයකින් නිවස බලා යමින් සිටි තරුණයින් පිරිසක් මෙම අනතුරට ලක්වී ඇති බව වාර්තා වෙයි.
අනතුරින් තුවාල ලැබූ පුද්ගලයන් මිහින්තලය ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහලට මාරුකර යවා ඇති බව රෝහල් ආරංචි මාර්ග පවසයි.
සිද්ධිය සම්බන්ධයෙන් මිහින්තලය පොලීසිය විසින් වැඩිදුර පරීක්ෂණ සිදු කරමින් පවතී.

