ජනපතිගේ අලුත් අවුරුදු සුබ පැතුම් පණිවිඩය
14 April 2024
ජනපතිගේ අලුත් අවුරුදු සුබ පැතුම් පණිවිඩය
14 April 2024
අලුත්වීම ජීවිතයට අලුත් බලාපොරොත්තුවක් එක් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.
ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ ජාතියක් දේශයක් ලෝකයක් ඉදිරියට යනු ලබන්නේ අලුත්වීමෙන් බවය.
සාම්ප්‍රදායික අවුරුද්දට අලුත් වීම කැලැන්ඩර් අවුරුද්දට අලුත් වීම සෘතුවෙන් සෘතුවට අලුත් වීම ආදී වශයෙන් ලෝකයේ රටවල ජනතාව ඔවුන්ට ලැබී ඇති අවස්ථාවන් හීදී අලුත් වන බව සිය අලුත් අවුරුදු පණිවුඩය නිකුත් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.
සිංහල හා දෙමළ අලුත් අවුරුද්දේ අප අලුත් වන්නේ ද සබඳතාවය සහ සාමූහිකත්වය කේන්ද්‍ර කොටගෙන වන බවත් ලෝකයේ ඕනෑම රටක සාම්ප්‍රදායික අවුරුදු චාරිත්‍රයන් සැකසී ඇත්තේ මෙම කරුණු පදනම් කරගෙන බවත් ජනාධිපතිවරයා පෙන්වා දෙයි.