brand logo
logo
ඩිජිටල් උප්පැන්න සහතිකය කඩිනමින්

ඩිජිටල් උප්පැන්න සහතිකය කඩිනමින්

28 May 2023

ඩිජිටල් උප්පැන්න සහතිකය ඉතා ඉක්මනින් නිකුත් කිරීමට අවශ්‍ය සැලසුම් සකස් කර ඇතැයි ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත පවසයි.


තාක්ෂණ අමාත්‍යාංශය සමඟ ඒකාබද්ධව මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන බවයි ඔහු පවසා සිටියේ.


රාජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ පුත්තලම දිස්ත්‍රික්කයේ උප්පැන්න, මරණ , විවාහ සහතික නොමැති පුද්ගලයන්ට අදාල සහතික නිකුත් කිරීමේ ජංගම සේවාවට එක් වෙමින්.


අලුත් ගමක් - අලුත් රටක් ජාතික වැඩසටහනට සමගාමීව ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යංශය සහ රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව ඒකාබද්ධව උප්පැන්න, මරණ සහ විවාහ සහතික නොමැති පුද්ගලයින්ට අදාල සහතික නිකුත් කිරීමේ ජංගම සේවාව දිවයින පුරා සියලු ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල ක්‍රියාත්මක බවද සඳහන්.

 

More News..